අප ඔබට ඊ පුස්තකාලයක් මෙන් මග පෙන්වනවා පමණි.
ඔබට අවශ්‍ය කරුනු වෙත යොමුවන්න අදාළ මාතාකාව මත ක්ලික් කරන්න.
ලෝවාමහාපාය
- ක්‍රි.පූ.161 - 137 අතර කාලයේ දී දුටු ගැමුණු රජතුමා විසින් මෙම ගොඩනැගිල්ල මහා විහාරවාසී භික්ෂූන් වහන්සේලාගේ උපෝසිතාගාරයක් ලෙස භාවිතා කිරීම පිණිස නිර්මාණය කරවා ඇත.
ලෝවාමහාපාය යනු ක්‍රි. පූ. 1 වන සියවසේදී මහා විහාරයේ ඉදි කරනු ලැබූ උපෝසථාගාරයකි. මෙය අනුරාධපුරයේ පිහිටා ඇත. එහි වහලය ලෝහ උළු වලින් කල නිසා ලෝහ ප්‍රාසදය යනුවෙන්ද හැඳින්විනි. ලෝවාමහා ප්‍රාසාදය කරවන ලද්දේ දුටුගැමුණු රජතුමා විසිනි. මෙහි මහල් නමයක් වූ බව වංශ කථා වල සඳහන් වේ. දැනට මැදින් ඇති කුඩා ගොඩනැගිල්ල නවීන එකක් වන නමුදු මහා විහාරයේ පෝය කර්ම සඳහා බෝධිමළු පරපුරේ භික්ෂූන් වහන්සේලා තවමත් මෙම ස්ථානය පාවිච්චි කරනු ලබයි.මෙය සාදන ලද්දේ තව්තිසා දෙව්ලොව "බරණී" නැමැති දිව්‍යාංගනාවගේ රන් මාළිගයේ ආකාර සැලැස්මට අනුවයි.ඒ සඳහා රහතන් වහන්සේලා අට නමක් වැඩම කළ සේක. වැඩිදුර විස්තර සඳහා
රුවන්වැලිසෑය
- ක්‍රි.පූ. 161 - 137 අතර කාලයේ දී දුටු ගැමුණු රජතුමා විසින් කරවන ලද බව සඳහන්
වේ. මෙම දාගැබෙහි උස අඩි 338 ක් පමණ වේ.
රුවන්වැලි මහා සෑය හෙවත් ස්වර්ණමාලි මහා සෑය ශ්‍රී ලංකාවේ පිහිටා ඇති ශාරීරික චෛත්‍යයකි. මෙය අතීත මහා විහාරයට අයත්වූ ප්‍රධානතම දාගැබ විය. එසේම මෙය වර්තමානයේ අටමස්තානයට අයත් ප්‍රධාන දාගැබ වේ. මෙම ස්ථූපය සොළොස්මස්ථාන (පූජනීය ස්ථාන දහසය) සහ අටමස්ථාන අතරින් එකකි. වැඩිදුර විස්තර සඳහා
ථූපාරාමය
- ක්‍රි.පූ. 205 - 210 කාලයේ දී දේවානම්පියතිස්ස රජතුමා විසින් ඉදිකරවා ඇත. මෙම
දාගැබෙහි බුදුන්ගේ දකුණු අකු ධාතුව නිදන් කොට ඇත.
බුද්ධාගම හඳුන්වාදීමෙන් පසු ශ්‍රී ලංකාවේ ඉදි කරන ලද පළමු චෙෙත්‍ය ථූපාරාමය යයි සළකනු ලැබේ. ශ්‍රී ලංකාවේ වංශ කථාවල සඳහන් වන මුල්ම චෙෙත්‍යද මෙය යැයි සළකනු ලැබේ. ස්ථූප සහ ආරාමය යන වචන එක්වීමෙන් ථූපාරාමය යන නම නිර්මාණය වී ඇත. මෙම ස්ථානය සංඝයා වහන්සේලා වැඩ සිටි ආරාමයක් විය. වැඩිදුර විස්තර සඳහා
ලංකාරාමය
- ක්‍රි.පූ. 89 - 77 අතර කාලයේ දී වලගම්බා රජතුමා විසින් මෙම දාගැබ ඉදිකරවා ඇත.
මෙම දාගැබ වටදාගෙයක් ලෙසින්ද පැවත තිබී ඇත.
ලංකාරාමය යනු ශ්‍රී ලංකාවේ අනුරාධපුර පැරණි රාජධානිය තුල, වළගම්බා රජු විසින් ඉදිකරවන ලද ස්ථූපයක් සහිත පූජා භූමියකි. වැඩිදුර විස්තර සඳහා
අභයගිරිය
- ක්‍රි.පූ. 89 - 77 අතර කාලයේ දී වලගම්බා රජතුමා විසින් ඉදිකරවා ඇත. මෙම දාගැබෙහි
උස අඩි 350 ක් පමණ වේ.
අභයගිරි විහාරය යනු ලක්දිව (වත්මන් ශ්‍රී ලංකාවේ) අනුරාධපුරයේ පිහිටා තිබූ මහායාන, ථෙරවාද සහ වජ්‍රයාන බුදුදහමේ ප්‍රධාන ආරාම සහ අධ්‍යාපන භූමියකි. වර්ථමානයේ එය ලෝකයේ වඩාත්ම පුළුල් නටබුන් වලින් එකක් වන අතර ජාතියේ වඩාත්ම පූජනීය බෞද්ධ වන්දනා නගරවලින් එකකි. ඓතිහාසික වශයෙන්, එය විශිෂ්ට ආරාම මධ්‍යස්ථානයක් මෙන්ම, රන්වන් පැහැයෙන් යුත් ලෝකඩ හෝ පිළිස්සුණු මැටි උළු වලින් සෙවිලි කරන ලද විශිෂ්ට ආරාම සහිත රාජකීය අගනුවරකි. නගරයට උතුරින්, විශාල ප්‍රාකාරවලින් වට වූ සහ විස්තීර්ණ නාන පොකුණු, කැටයම් කළ බැලුම් සහ සඳකඩ පහණ් අඩංගු "අභයගිරි" පිහිටා ඇත. එය අනුරාධපුරයේ එවැනි ආගමික ඒකක දාහතකින් එකක් වන අතර එහි ප්‍රධාන විහාර පහෙන් විශාලතම වේ. සංකීර්ණයේ එක් කේන්ද්‍රස්ථානයක් වන්නේ පැරණි ස්තූපයක් වන අභයගිරි දාගැබයි. අභයගිරි විහාරය උතුරු ආරාමයේ හෝ උත්තර විහාරයේ ආසනයක් වූ අතර දිවයිනේ දළදා වහන්සේගේ මුල් භාරකරු විය. වැඩිදුර විස්තර සඳහා
අනුරාධපුර ජේතවනාරාමය
- ක්‍රි.ව.276 - 303 අතර කාලයේ දී මහසෙන් රජතුමා විසින් ඉදිකරවා ඇත. මෙම දාගැබෙහි උස අඩි 400 ක් පමණ වේ.
ජේතවනාරාමය දාගැබකි. අඩි 269 ක් (මීටර් 120) උසින් යුතු එය ලෝකයේ උසම ස්ථූපයයි. එමෙන්ම මේ දක්වා ගඩොලින් පමණක් නිර්මාණය කරන ලද විශාලතම ගොඩනැගිල්ල වේ.(නමුත් වර්තමානයේ දී රුවන්වැලි මහා සෑය විශාලම ස්ථූපය ලෙස සලකයි.ජේතවනාරාමයේ කොතෙන් කොටසක් කඩා වැටී තිබුණත් එය ප්‍රතිසංස්කරණ නොකරන්නේ සම්බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා රුවන්වැලි මහා සෑයේ තැන්පත් කර ඇති බැවිනි.) ශ්‍රී ලංකාවේ විශාලතම ස්ථූපය ඉදි කරවූවේ මහායාන බෞද්ධ මහසෙන් (273 - 301) රජුයි. බුදුන් වහන්සේ පැළඳි පටී ධාතුවේ කොටසක් එහි නිධන් කර ඇතැයි විශ්වාස කෙරේ. එබැවින් මෙය පාරිභෝගික චෛත්‍යයක් වේ. වැඩිදුර විස්තර සඳහා
මිරිසවැටිය
- ක්‍රි.පූ. 161 - 137 අතර කාලයේ දී දුටු ගැමුණු රජතුමා විසින් කරවන ලද බව සඳහන්
වේ. මෙම දාගැබෙහි රජුගේ සධාතුක කුන්තායුධය නිදන්කර ඇත.
රිස්තු පූර්ව 161 - 137 කාලය තුළ ලංකාවේ රජ කළ දුටුගැමුණු මහ රජතුමා ඉදි කළ ප්‍රථම චෛත්‍යය ලෙස මිරිසවැටිය චෛත්‍යය හැඳින් වේ. සර්වඥ ධාතු සහිත රජතුමාගේ කොන්තය (රජුගේ රාජ්‍ය බලය සංකේතවත් කරන ආයුධය) නිධානයක් වශයෙන් පූජා කොට දහනව කෝටියක් ධනය ද වැය කර ඉදි කර ඇති මෙම චෛත්‍යය ආරම්භයේදී උසින් අඩි හැටක් සහ වට ප්‍රමාණයෙන් අඩි පන්සිය හැටකි. පසු කාලීනව මෙය ලංකාවේ රජ කළ විවිධ රජවරුන් විසින් ප්‍රතිසංස්කරණය කොට, විශාල කර ඇත. මෙම චෛත්‍යය එකල පැවති අග්‍රගණ්‍ය චෛත්‍යයක් ලෙස ඓතිහාසික පුරාවෘත්තවල සඳහන් වේ. වැඩිදුර විස්තර සඳහා
ඉසුරුමුණි
විහාරය
- සුන්දර වටපිටාවක පිහිටා ඇති මෙම විහාරය උසස් කලා නිර්මාණ රැසකින්
සමන්විතව ඇත.
කුට්ටම්
පොකුණ
- ක්‍රි.ව. 7 - 9 සියවසට අයත් යැයි සැලකෙන මෙම පොකුණ යුගලය අභයගිරි
විහාරවාසී භික්ෂුන් වහන්සේලාගේ ප්‍රයෝජනය පිණිස තනවා ඇත.
නාන පොකුණු සඳහා පුරාණ ශ්‍රී ලංකාවේ පෙන්විය හැකි එක් උදාහරණයක් නම් කුට්ටම් පොකුණයි. මෙය අනුරාධපුර යුගයේ ක්‍රි.ව. 569-571 පළමු වැනි අග්ගබෝධි රජු විසින් කරන ලද්දකි. මෙය සිංහලයන්ගේ වාරි ඉංජිනේරු ශිල්පයේ ද, වාස්තු විද්‍යාත්මක ක්‍රමවල ද සුවිශේෂී අග්‍ර ඵලයක් ලෙස සළකනු ලැබේ. වැඩිදුර විස්තර සඳහා
සඳකඩ
පහණ
- ක්‍රි.පු. 8 - 10 කාලයට අයත් යැයි සැලකෙන මෙම නිර්මාණය දැනට ලංකාවේ හමුවී
ඇති උසස්ම සඳකඩ පහණ ලෙස සලකනු ලබයි.
සඳකඩපහණ යනූවෙන් හැදින්වෙනුයේ පඩිපෙළෙහි අවසාන පඩියයි. එය අටුවාවෙහි විස්තර කොට ඇත්තේ සොපාන හෙට්ටිචන්දපාෂාණ යනුවෙන්ය.එනම් පියගැට පාමුළෙහි ඇති අඩසඳක හැඩයේ ගල්පුවරුව යනුවෙනි. පසුව මෙය අලංකාර ලෙස නිර්මාණය කිරීම පුරුද්දක් ලෙස හ්කෙෆ්රිග්ණක්ඩ්ඩ්ෆ්ඩ්ඩ්ඩ්. සඳකඩපහණ අනුරාධපුරයේ ගොඩනැගිළි තැනීම ඇරඹුන මුල් කාළයේදීම එනම් ක්‍රි.පු. 3 වන සියවසේදී ආරම්භ වු බව සිතිය හැක. සඳකඩපහණ හත්වන හා නවවන සියවස්වලට අයත් වේ. මුල් කාළයේ මෙය කැටයම් වලින් තොරව චාම් අන්දමින් නිමවා තිබුණි. පසු කාළයේදී කැටයම් වලින් සැරසු බව සිතිය හැක.පසු කාළයේ වුවද කැටයම් සහිත සඳකඩපහණ යොදන ලද්දේ පිළිම ගෙවල් වැනි වැදගත් ස්ථාන සදහාය.
සමාධි
බුදු පිළිමය
- ක්‍රි.ව. 3 - 4 කාලයට අයත් යැයි සැලකෙන මෙම බුද්ධ ප්‍රතිමාව
බුදුරදුන් සමාධියට සමවැද වැඩසිටින අයුරු නිරෑපනය කෙරෙන මහගු කලා නිර්මාණයකි.
සමාධි බුදු පිළිමය ශ්‍රී ලංකාවේ අනුරාධපුර මහමෙව්නා උයනේ පිහිටා තිබේ. මෙම පිළිම වහන්සේ බුදු රජාණන් වහන්සේ ධ්‍යාන මුද්‍රාවෙන් වැඩ සිටිමින් භාවනාවේ යෙදෙන අයුරු දක්වයි. මෙම භාවනා කිරීමේ ඉරියව්වේදී එරමිණියා ගොතා ගෙන අත්ල උඩු අතට හරවා එකක් මත එකක් සිටින සේ උකුල මත දෑත් තබා බුදුන් වහන්සේ වැඩ හිඳින සේක. මෙම ඉරියව්ව පිළිබඳ මුළු මහත් බෞද්ධ ලෝකයම දැනුවත් වන අතර එනිසාම බුදු පිළිම නිර්මාණය කිරීමේදී බහුලව යොදාගනු ලැබේ. අනුරාධපුර සමාධි පිළිම වහන්සේ අඩි 7'3" ක උසින් යුක්ත වන අතර තනි ග්‍රැනයිට් (හුණුගල්) පාෂාණයෙන් නිමවා ඇත.
ශ්‍රී
මහා බෝධිය
- ක්‍රී.පූ. 250 - 210 කාලයේ දී දේවානම්පියතිස්ස රජතුමා විසින් මහමෙව්නා
උයනේ රෝපණය කරන ලදී.
ශ්‍රී මහා බෝධිය ශ්‍රී ලංකාවේ අනුරාධපුරයේ පිහිටි පූජනීය ඇසතු වෘක්‍ෂයකි. බුදුන් වහන්සේ බුද්ධත්වය ලබා ගැනීමේදී පිට දුන් ඓතිහාසික බෝධි වෘක්ෂයේ දකුණු අංකුර පැලයකි. මෙය පැල කරන ලද්දේ කි.පූ 288 දීය.[1] එය මේ දක්වා ලෝකයේ තිබෙන මිනිස් අතකින් සිටවූ සහ එසේ සිටවූ කාලය දන්නා පැරණිම වෘක්ෂය ලෙස වාර්තාගත වෙයි.
No comments:
Post a Comment